Fly high Get bonus Aviator Phone

හෙට සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුව පවතින තත්ත්වය ගැන පැහැදිලි කෙරේ

මේ වනවිට දිවයන පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට (17) අලුයම 4.00ට ඉවත් කිරීමට නියමිතව තිබේ. 

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනටම ක්‍රියාත්මකවන පරිදි සංචරණ සීමා පැනවීමක් සිදුකරනු ලැබීය. 

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට නිවෙස්වලින් බැහැරවීමට අවසර හිමි නොවන අතර හෙට අලුයම 04 දක්වා මෙම සීමාවන් බලපැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

හෙට අලුයම සංචරණ සීමා ඉවත් වුවද මැයි මස 31වන දින දක්වා දෛනිකව රාත්‍රි 11 සිට අළුයම 4 දක්වා සංචරණ සීමා පැනවීමක් සිදුවන අතර පළාත් අතර සංචරණ සීමා ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.  

සංචරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතුවලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස්වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ අනුව හෙට (17) හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත ගමන් කිරීම සඳහා පමණකි.

මේ අතර  සංචරණ සීමා උල්ලංඝණය කිරීමේ චෝදනාවලට පුද්ගලයන් 306 දෙනෙකු ගතවූ පැය 24ක කාලය තුළ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීති කඩ කිරීමේ චෝදනා මත මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 9,588කි. 

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 14කදී පොලීසිය සහ යුද හමුදාව එක්ව කළ සෝදිසි මෙහෙයුම්වලදී වාහන 1,826ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

ඒවායෙහි ගමන් කළ පුද්ගලයන් 3,525ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී වාහන 42ක පැමිණි පුද්ගලයන් 92ක් පමණ පළාත් මායිම් අසලදී නැවත හරවා යවා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට සල්ලි දෙන්න අපිට පිස්සුද කියන්නකෝ - බිමල් කැට තියලා කියන කතාව
05:55
Video thumbnail
දොඩංගොඩ ප්‍රදේශයෙන් වෙ# පත්තුවෙයි - කකුලෙන් පහළට පොලිසිය බලය පෙන්වයි
03:15
Video thumbnail
පක්ෂ ලේකම්වරු හදිසියේ හෝටලයක රැස්වෙයි - මොනවද මේ කියන කතා
03:36
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?