Indian Premier League

හිස වෙන්කර ගමන් බෑගයක දමා කොළඹ රැගෙන ආ සිද්ධියේ අග මුල එළියට

වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුර පිලිබද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම කාන්තාව කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවටයි පොලිසිය අනාවරණය කරනගෙන තිබෙන්නේ.නමුත් මෙම සැකය තහවුරු කරගැනීම සදහා එම මළ සිරුර ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවයි පොලීසිය පැවයුවේ.

සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා තවත් කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර ඇත.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම සිද්ධියේ සැකකරු හඳුනා ගෙන තිබෙනවා. ඔහු බුත්තල පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් . ඔහු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැඩිදුරටත් අදහස් දැක් වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා

maxresdefault 1
https://youtu.be/r6s76Xfhy8c

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?