හිටිහැටියේ මෙරට රන් මිලේ සිදු වූ විපර්යාශය

කැරට් 22 රන් පවුමක් අද (12) දිනයේ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ රුපියල් 155,000ත් 160,000ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි.

අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 170,000 ත් 180,000 අතර මිලක් දක්වා පහත වැටී ඇති අතර එසේ වුවද මිලදී ගැනීමට රත්තරන් නොමැති තත්වයක් ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ.

රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් පසුගිය දිනවල රුපියල් 175,000 ක් දක්වා ද, කැරට් 24 රන් පවුමක් රුපියල් ලක්‍ෂ දෙකක් දක්වා ද, ඉහළ ගොස් තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?