හිටපු මහ බැංකු අධිපති කබ්‍රාල් ඇතුළු පස් දෙනෙකුට සිතාසි නිකුත් කෙරේ

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක් ව තිබියදීත් ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එච්. ඒ. කරුණාරත්න යන පස්දෙනාට එලෙස සිතාසි නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම විත්තිකරුවන් ඇතුළු විත්තිකරුවන් සයදෙනෙකුට එරෙහිව එම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා පත්‍ර භාරදීමට අවසර ලබාදීමකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට පසුගිය මැයි මස 31 වැනිදා නියෝග කර තිබුණ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී අධිචෝදනා පත්‍රයට අත්සන් තැබූ දින වකවානුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තාක්ෂණික දෝෂයක් මත නිදහස් කරනු ලැබූ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය අගෝස්තු 21 වැනිදා යළි නඩු පැවරීමට කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ ද මින් පෙර නඩු පවරා තිබූ අතර එහිදී අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට කැඳවීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව ම එම පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
4
+1
119
+1
2
+1
4
+1
3
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?