හිටපු පළාත් සභා මන්ත්‍රී පැදවූ රථයට යට වී පියපුතු දෙපළ අවසන් ගමන් යයි

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන ගාමිණී විජය බණ්ඩාර පැදවූ ජීප් රථයේ ගැටී පියපුතු දෙපළක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ පියපුතු දෙපළ මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේ දී මාර්ගය හරහා මාරුවෙමින් සිටිය දී ඊයේ (16) රාත්‍රියේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 11 හැවිරිදි පුත්‍රයායි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අනතුර සිදුකළ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සැකකරු කරාටේ ක්‍රීඩා උපදේශවරයෙකු වශයෙන් කටයුතු කරන අතර, ඔහු කරාටේ පංතියක් නිමකර ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුර සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
8
+1
5
+1
2
+1
55
+1
21
+1
9
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?