Fly high Get bonus Aviator Phone

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යන අයට එරෙහිව කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසිනුයි මෙම වාරණ නියෝගය නිකුත් කළේ.

ජා ඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීනී චමාලි පෙරේරා මහත්මිය වෙනුවට එම තනතුරට වෙනත් අයකු නම් කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ නියෝගය මාර්තු මස 03 වනදා දක්වා බල පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ලෙස තමාගේ මන්ත්‍රී ධුරය ඉවත් කර ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු නම් කිරීමට සූදානම් වන බව පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් දන්වා සිටියා.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් මාර්තු මස 03 වනදා දක්වාමෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?