Fly high Get bonus Aviator Phone

හිටපු ජනපති රනිල්ට අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණෙන ලෙසට දැනුම්දීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

මෙම දැනුම්දීම අද (21) දිනයේ සිදු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ සිද්ධියකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත්තේ.

ඒ අනුව අප්‍රේල් මස 25 වැනි දින පෙරවරු 09.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති වික්‍රමසිංහ හට දැනුම්දී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 17 වැනිදා උදෑසන 9.30ට ද අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබූ අතර එදින තමන්ගේ නීතිඥවරු නොමැති නිසා පැමිණීමට නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට දන්වා සිටියා.

ඉන් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා හට යළිත් මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?