spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හැමෝම කතාවෙන ධූමකේතුව බලන්න පුළුවන් ක්‍රමය

මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති රෙනෝල්ඩ් ධූමකේතුව එළැඹෙන 18වැනිදායින් පමණ පසුව පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් දෙනෙතියක් ආධාරයෙන් මෙම ධූමකේතුව නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සූරියත් පෘථිවියත් අතර පවතින දුර මෙන් 35,000ක දුරක සිට මෙම ධූමකේතුව පැමිනෙන බවත් ඉතාම අධික වේගයකින් ගමන් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා

“මේ ධූමකේතුව ලංකාවේ අපට පියවි ඇසට පෙනෙන්නේ නෑ. සමහර රටවල්වලට ඉතාම අපහසුතාවයෙන් දැක ගන්න පුලුවන්කම තියෙනවා. හොඳ තද කළු අහසක් තිබෙන අවස්ථාවලදී. 17වනදායින් පසුව වගේ මෙය දැක ගැනීමේ අවස්ථාව උදා වෙන්න පුලුවන් පියවි ඇසටත්. මේ වසරේ දැනට තිබෙන හොඳම ධූමකේතුව තමා මේක. මේ වසරේ මුල් කාලයේදී තමා මේක සොයා ගත්තේ “

“මේකේ තියෙන විශේෂත්වය තමා මේක නැවත එන ධූම කේතුවක් නෙමේ. සූර්යයා වටා ආවා ගියා. සූර්යයත් පෘථිවියත් අතර තිබෙන දුර වගේ 35,000ක් දුර ඉදලා මේක එන්නේ. ඒ වගේම මේ ධූමකේතුව ඉතාම අධික වේගයකින් එනවා. තත්ත්පරයට කිලෝ මීටර් 50ත් 70ත් අතර වේගයක්.” 

“බටහිර අහසේ නිරිත දිගට වන්නට හිරු බැස ගිහින් විනාඩි 30කට පමණ පසුව නැරඹීම ඉතාම සුදුසුයි. නමුත් පියවි ඇසට පෙනෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ජනවාරි මාසේ මුල දක්වා අපිට මෙය නිරික්ෂණ කරන්න පුලුවන් මොකද ජනවාරි 3 තමා සූර්යයාට ඉතාම ආසන්නයෙන් මේක ගමන් කරන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-18 | Dasatha News
00:00
Video thumbnail
🔴Live:මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව සජීවීව
00:00
Video thumbnail
සියලුම මාධ්‍යවලට විශේෂ දැනුවත් කිරීමක්...#sosialmedia #SJB #NPP #UNP
05:05
Video thumbnail
ඡන්ද දායකයාට මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ පණිවිඩයක්...#breakingnews #election2024
04:24
Video thumbnail
මිහින්තලා හිමිත් ජනපති සටනට..?
08:42
Video thumbnail
කවුරුත් බලාසිටි ජනාධිපතිවරණය ගැන අද එළියට ආපු සුභ ආරංචිය මෙන්න...#election2024 #election
04:18
Video thumbnail
මවක් තම පුංචි දියණිය අවසන් ගමන් යවයි
01:26
Video thumbnail
"මේ හදන්නේ ආණ්ඩුවට Game ගහන්න කල්දෙන්න" - කිරිඇල්ල සැර වෙයි... #SJB #sajithpremadasa
07:38
Video thumbnail
පාස්පෝට් ගන්න යනවා නම් මේක බලලාම යන්න
02:38
Video thumbnail
මීළඟ නියත ජනාධිපති 'සජිත්' - "තාවකාලික ඡන්ද ගුණ්ඩු වලට අහුවෙන්න එපා" #SJB #sajithpremadasa
12:58

?