හර්ෂණ සූරියප්පෙරුම තනතුරු දැරූ කිසිඳු අවස්ථාවක ද්විත්ව පුරවැසියෙක් නොවෙයි – ඇමති නලින්ද

හර්ෂණ සූරියප්පෙරුම, වත්මනයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන සමයේ දී මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ සමයේ දී ද ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙක් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබාදෙමින්.

හර්ෂණ සූරියප්පෙරුම ඉහත තනතුරු දරනු ලැබූ කිසිම අවස්ථාවක ද්විත්ව පුරවැසියෙක් නොවූ බවට තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !