මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ සළිඳු මල්ෂික නොහොත් “කුඩු සළිඳු” ඇතුළු පිරිස දිවයිනට රැගෙන විත් තිබෙනවා.
අප කටුනායක වාර්තාකරු පවසන්නේ හය දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට නඳුන් චින්තකගේ බිරිඳ බව පැවසෙන විදෙස් ජාතික කාන්තාවක් ද ඇතුළත් බවයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන් මැඩගස්කරයේ සිට කෙන්යාව හා ඉන්දියාව ඔස්සේ මෙරටට ගෙන එනු ලැබුවා.
පුද්ගලික ගුවන් යානාවකින් ඔවුන් මැඩගස්කරය බලා පිටව ගොස් තිබූ අතර එරට බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 07 වනදායි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
29
6
28
8
11
19
11