අද (16) රාත්‍රී 8.00ට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිත දුම්රිය පමණක් ධාවන කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඇඳිරිනීතිය යළි පැනවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ.
ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ දුම්රිය ධාවනය කළ නොහැකි නිසා මෙම තීරණයට එළඹි බවයි ඔහු පැවසුවේ.
අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය ද අවලංගු කළ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
1
2
2
6
6
2