Indian Premier League

හදිස්සියේ ගොඩ බැස්වූ ගුවන් යානා ගැන වාර්ථාව දින දෙකකින්…

දේශීය ගුවන් සමාගමක අභ්‍යන්තර ගුවන් ගමන් දෙකකදී සිදුවූ හදිසි ගොඩබැස්වීම් සම්බන්ධ වාර්තාව ඉදිරි දින 02 තුළදි නිකුත් කෙරෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා සඳහන් කලේ මේ වනවිටත් අදාළ විමර්ශනය පැවැත්වෙන බවයි.

සතියක් තුළ වාර්තා වූ මෙම සිදුවීම් 02 ත් සමග රට තුළ දැනට භාවිතයේ ඇති සියලුම සැහැල්ලු ගුවන් යානාවල තත්වය පරීක්ෂා කිරීමට පියවර ගත් බවද ඔහු සඳහන් කලා.

දේශීය ගුවන් සමාගමකට අයත් සැහැල්ලු ගුවන් යානයක් පයාගල වෙරළ තීරයට හදිසියේ ගොඩබස්වනු ලැබුවේ පසුගිය 22 වනදා පස්වරුවේයි.

එහි ගමන් කල පුහුණු උපදේශක සහ නියමුවාට හානියක් සිදුවී තිබුණේ නැහැ.

කෙසේවෙතත් පෙරේදා දිනයේදී කටාන කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායකට අදාළ සමාගමටම අයත් සෙස්නා 172 වර්ගයේ ගුවන් යානයක් හදිසියේ ගොඩ බැස්වීමෙන් නියමුවන් දෙදෙනා සහ යානයේ ගමන්ගත් ලෙබනන් ජාතික යුවළක් සුලු තුවාල ලැබුවා.

මෙම සිදුවීමත් සමග අදාළ දේශීය ගුවන් සමාගමේ සියලු මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමටයි සිවිල් ගුවන් සේවා අධිකාරිය නියම කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?