සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

උදා වූ 2022 නව වසරේදී රට විවෘතව තබා ගනිමින් සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා සියලු පුරවැසියන් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කලේ, මෙරටින් හඳුනාගත් නව ඔමික්‍රොන් ආසාදිතයින් හතළිස් එක්දෙනෙකුගේ ආශ්‍රිතයන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

මෙරටින් තවත් ඔමික්‍රොන් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර ඊයේ ප්‍රකාශ කලා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කලේ, ඉන් 7 දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි විදේශිකයන් බවයි.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාව 49 ක්.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ විනෝදාස්වාදයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු බවයි.

තවත් කොරෝනා ආසාදිතයන් 499 ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 587,245ක් දක්වා ඉහළ ගියා.මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,979ක් දක්වා ඉහළ ගියේ මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා මරණ 17 ත් සමගයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?