සොහොයුරාගේ දියණිය කෙලෙසූ විශ්‍රාමික පොලිස් නිලධාරියා

ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ගෝනගංආර පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භකර තිබේ.

තම සහෝදරයාගේ 14 හැවිරිදි දියණියට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.

වෙනත් ප‍්‍රදේශයක පදිංචි එම දැරිය නිවාඩු කාලයේ ගෝනගංආර ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට පැමිණ නතර වී සිට තිබේ.

නිවසේ දී ලොකු තාත්තා විසින් දැරියට අවස්ථා කිහිපයක දී ලිංගික අතවරකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසීය.

එම දැරියට ගොඩකවෙල ප‍්‍රදේශයේදී සිදුවූ තවත් ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් කහවත්ත අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී ඇයට මීට පෙර බරපතළ ලිංගික අතවරයක් සිදුවී ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ පිළිබඳව විමසීමේදී 2019 වර්ෂයේ අග භාගයේදී නිවාඩුවකට ගෝනගංආර ප‍්‍රදේශයේ ලොකු තාත්තාගේ නිවසට ගිය අවස්ථාවේ ලොකු තාත්තාගෙන් තමාට ලිංගික අතවර සිදුවූ බව ඇය වෛද්‍යවරයාට පවසා ඇත. 

අදාළ වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?