Indian Premier League

සොරාගත් ලොරි රථයකට කඩුවෙල දී වෙඩි

සොරකම් කළ ලොරි රථයකට කඩුවෙල ප්‍රදේශයේ දී පොලිසිය විසින් අද (01) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද මෙම ලොරි රථයට වැල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශයන්වල දී පොලිස් අණ නොතකා රථය ධාවනය කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

ඒ, හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් රථය හඹාගෙන ගොස් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

අනතුරුව කඩුවෙල අධිකරණය ආසන්නයේ දී එම රථය නවත්වා ගැනීමට හැකිව ඇති අතර, එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?