spot_imgspot_img
spot_img

සොයුරියගේ නිවසට පැමිණි තරුණියක් සිහිසුන්ව තේ වත්තක සිටියදී හමුවෙයි

තම සොයුරියගේ නිවසට පැමිණ සිටි 26 හැවිරිදි තරුණියක් එම නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි තේ වත්තක යටි කය නිරුවත්ව සිහිසුන්ව සිටිය දී හමුවී තිබෙනවා.

වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක් ඌව පරණගම- පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි තම වැඩිමහල් සහෝදරියගේ නිවසට පැමිණ සිටියදී යි මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ.

ඇය ඊයේ රාත්‍රියේ නිවසේ කාමරයක නින්දට ගොස් ඇති අතර අද උදෑසන නිවැසියන් කළ සොයා බැලීමේදී තරුණිය නිවසේ නොමැති බවට හෙළිවී තිබෙනවා.

ඌව පරණගම ප්‍රදේශයේ වතු යායක තරුණියක් ඇද වැටී සිටින ආකාරය ප්‍රදේශවාසීන් දැක අති අතර ඔවුන් මේ පිළිබඳ ඌව පරණගම පොලිසිය දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කළ තොරතුරු සොයා බැලීමේ අනාවරණ වී ඇත්තේ ඇය පල්ලේවෙල ප්‍රදේශයෙන් අතරුදහන් වූ තරුණිය බවටයි.

තරුණිය සොයා ගන්නා අවස්ථාවේ දී ඇයගේ යටි කය නිරුවත්ව අඩ සිහියෙන් සිට ඇති අතර තමන්ට සිදු වූ කිසිදු දෙයක් මතකයේ නොමැති බව ඇය පසුව පවසා තිබෙනවා.

සිද්ධියට මුහුණ පෑ තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. ඇය හමු වූ ස්ථානයේ තිබී සිරින්ජරයක් ද සොයාගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
0
+1
5
+1
6
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?