මේ වනවිට රජයේ රෝහල්වල සේලයින් හා නිර්වින්දන ඖෂධවල දැඩි හිඟයක් පවතින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
හෘද,පිළිකා,වගුගඩු රෝග සඳහා ලබාදෙන බෙහෙත් වර්ගවල දැඩි හිඟයක් පවතින නිසා එම ඒකක වැසී යාමේ අවධානමක්ද පවතින බවයි ඔවුන් පවසා සිටියේ.
ඖෂධ මිල 300% කින් පමණ ඉහල යාම නිසා ඇතැම් එන්නත් ලක්ශ 1.5 පමණ මිලකට අලෙවි වන බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
මධ්‍යම ඖෂධ ගබඩාව තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා මෙම තත්වය බරපතල ගැටලුවක් බවට පත්වී තිබෙන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1