සෙස් බද්දෙන් පාසල් උපකරණ මිලට බලපෑමක් ඇත්නම් එය වෙනස් කිරීමේ තීරණයක්

සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණ මිල ඉහළ යෑමක් සිදුවන්නේ නම් එය වෙනස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේ සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණවල මිල ඉහළ යාමක් සිදුවී තිබේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බවයි.

යම් හෙයකින් මෙම බද්දක් හේතුවෙන් පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වේ නම් එය වෙනස් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සෙස් බද්ද හේතුවෙන් පාසල් උපකරණ මිල වැඩී වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙම බද්ද හේතුවෙන් පාසල් උපකරණ මිල සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවට මව්පියන් ඇතුළු පාර්ශ්ව රැසක් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?