Fly high Get bonus Aviator Phone

සෙල්ලම් කරමින් සිටියදී දැරියක් හදිස්සියේ ඇද වැටී මියයයි – ඇඟ කිලිපොලා යන හේතුව මෙන්න

නිවෙසේ සෙල්ලම් කරමින් සිටියදී හිටි හැටියේ ඇද වැටී මරණයට පත් වී ඇති බළන්ගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක් වයසැති කුඩා දැරියකට කොවිඩ් වැළඳී ඇති බව හෙළිවී තිබෙනවා.

මෙසේ මියගිය වික්නේෂ්වරන් චාරුක්ෂා නමැති ගැහැනු දරුවාගේ මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී පැවති අතර එහිදී සාක්ෂි දුන් මෙම දරුවාගේ පියා වූ පෙරුමාල් වානිස්සි නමැති අය මෙසේ සඳහන් කළා.

“සිද්ධිය වූ දින දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. හිටි හැටියේම දරුවා ඇද වැටුණා. දරුවා ළඟට ගොස් ඔසවාගෙන කතා කළත් කතා කළේ නැහැ. බෙල්ල පැත්තකට හැරී තිබුණා. කටින් සෙම ටිකක් ආවා. මම හිතුවා ළමයාට පිට් එක හැදිලා කියලා. ළඟම තිබෙන මාරතැන්න රෝහලට රැගෙන ගියා. එහිදී දරුවා මිය ගොස් ඇතැයි වෛද්‍යවරුන් පැවැසුවා.”

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එච්.කේ.ආර්. සංජීව මහතා විසින් සිදුකර ඇති අතර මෙය කොවිඩ් රෝගය වැලඳීමෙන් සිදු වූ මරණයක් බවට තහවුරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?