සෙනසුරාදා කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ලබන සෙනසුරාදා (25) කොළඹ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අතශවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ පොම්පාගාරය වෙත විදුලිය සැපයීම අත්හිටුවීම මීට හේතුවයි.

ඒ අනුව සෙනසුරාදා පෙරවරු 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලය තුල ජල සැපයුම විසන්ධි කෙරෙනවා.

මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවෙනවා.

මෙම ජල කප්පාදුව හේතුවෙන් අත්‍යවශ්‍ය ජලය කල් තබා රැස්කර ගන්නා ලෙසටයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?