AFC Banner
AFC Banner
Empty Ad

සූර්යාගේ උපන්දිනය සමරන්න ගිය තරුණ රසිකයින් දෙදෙනෙක් අකාලයේ ජීවිතක්ෂයට

ජනප්‍රිය ඉන්දීය නළුවෙක් වන සූර්යාගේ උපන්දිනය ඊයේ (23) දිනට දී තිබුණා.

ඔහුගේ උපන් දිනය වෙනුවෙන් සූර්යාගේ රුව සහිත බැනරයක් සවි කිරීමට ගිය රසිකයින් දෙදෙනෙකු විදුලිසැර වැදීමෙන් මිය ගිය පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පල්නාඩු දිස්ත්‍රික්කයේ මොපුලවාරිපාලම් ගම්මානයේ ජීවත් වූ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය පොලිසිය පවසන්නේ යකඩ පොල්ලක් ආධාරයෙන් බැනරය සවි කිරීමට යාමේ දී ඉහළින් තිබූ විදුලි රැහැනක එය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති තරුණයින් දෙදෙනා පෞද්ගලික උපාධි විද්‍යාලයක දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි දෙදෙනෙක් බවයි පොලිස් නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුර සිදු වූ ස්ථානයේදීම මෙම තරුණයි දෙදෙනාම මියගොස් ඇති අතර, මෘත දේහයන් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නරසරෝපෙට් රජයේ රෝහලට යවා තිබෙනවා.

මේ අතර සූර්යා විසින් රංගනයෙන් දායකවන ‘Kanguva’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ද ඊයේ (23) දිනයේ දී නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
3
+1
9
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?