Empty Ad
Empty Ad

සූකර උණෙන් මියගිය ඌරන් කිඹුලාපිටියේ ඇළකට ගෙනැවිත් දාලා

අප්‍රිකානු සූකර උණ වැළඳීමෙන් මරණයට පත් වූ සත්ත්ව ගොවිපොළක ඌරන්ගේ සිරුරු විශාල වශයෙන් විවිධ ප්‍රදේශවල ඇළ මාර්ගවලට ගෙනැවිත් දමා ඇති සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබෙනවා.

මෙලෙස සත්ත්ව ගොවිපොළවල්වල දී රෝගාතුරව මියගිය ඌරන්ගේ සිරුර යම්කිසි පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ජා ඇළ – දඬුගම ඇළ මාර්ගයට ද අද (06) දින කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායක් සමග පිහිටි ඇළ මාර්ගයකට ද ගෙනැවිත් දමා ඇති බව දක්නට ලැබුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කිඹුලාපිටිය ප්‍රදේශයේ කට්ටියල මාර්ගය අසල වෙල්යායක ඇළ මාර්ගයකට මීට දින කිහිපයකට පෙර මියගිය විශාල ප්‍රමාණයේ ඌරන්ගේ සිරුරු ගෙනවිත් දමා ඇති බවත්; අවට සිටින සුනඛයින්, පක්ෂීන් විසින් එම සිරුරුවල කොටස් ආහාරයට ගෙන තැන තැන දමා ඇති බවත් නිරීක්ෂණය වන බව දසත වාර්තාකරු සඳහන් කළා.

මෙය අතිශය අවදානම් ක්‍රියාවක් වන්නේ; ඌරන්ට වැළඳුණු අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කිසිදු ආහාරපාන නිෂ්පාදනාගාරයක හෝ ඌරු මාංශ විකිණීම, ආහාරය පිණිස තැබීම පසුගියදා තහනම් වුණු අතර පැතිර යන සත්ත්ව වෛරසය නිසා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා හේමාලි අබේරත්න මහත්මිය විසින් 2024.10.25 වන දින ගැසට් නිවේදනයක් මගින් මාස තුනක කාලයක් සඳහා ඌරන් මස් පිණිස විකිණීම ආදි කටයුතු තහනම් කෙරුණා.

සූකර උණ රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා මියයන ඌරන්, ආසාධිත සතුන් ඝාතනය කිරීම, මස් ප්‍රවාහනය ඇතුළු ක්‍රියාමාර්ග රැසක් තහනම් කරමිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ.

එවන් පසුබිමක වෛරසය ආසාදනයෙන් මියගිය මෙම ඌරන් මෙලෙස අනාරක්ෂිත ලෙස දැඩි සෞඛ්‍ය තර්ජනයක් පරිසරයට මුදාහරිමින් සිදු කළ ක්‍රියාවට වගකිව යුත්තන් සොයා වහාම විමර්ශන ආරම්භ කරමින් දැඩි දඬුවම් පැමිණවීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම වගකීම්සහගත සෞඛ්‍ය බලධාරින්ගේ මෙන් ම පොලිසියේ කාර්‍යයභාරය ද වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
🛑Breaking News |යාපනයේ හඳුනානොගත් උණ රෝගයක් - දෙදිනක් තුළ තරුණයෙකු ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට‍
01:45
Video thumbnail
සර් කිව්වේ නෑ කියලා මන්ත්‍රී අර්චුනාට තදවෙයි - රහසේ කරපු වීඩියෝව මෙන්න
01:55
Video thumbnail
මේ ගහන ගැසටුත් රිවස් කරන්න වෙන්නේ - අණ්ඩුවට ඇඩ්‍රස් නැතිවෙන්නම දෙසයි
06:35
Video thumbnail
ජීවිතයේ උපන් දවසේ ඉඳලම - කරේ හොරකමයි වංචාවයි - මේ හොරා පැන්ෂන් ගිය හොරෙක්
09:10
Video thumbnail
කථානායකගේ ආචාර්ය උපාධිය බොරු - තලතා අතුකෝරල ආණ්ඩුව නැත්තට නැති කරයි
19:34
Video thumbnail
සෙට් එකක් කොළඹ වට කරයි - ජංගි ඇඳගෙනද ඉන්නේ - ජනපතිගෙන් අහයි
09:04
Video thumbnail
ජෝසප් ස්ටාර්ලින් දුම්මල වරම අතට ගනී - ආණ්ඩුවට දෙසන්නේ ලුණු ඇඹුල් ඇතිව
04:08
Video thumbnail
පුටින්ගේ මිදුලේ අරාබි වසන්තයේ මල් පිපෙයි
11:03
Video thumbnail
ලබන අවුරුද්දේ පැය ගණන් විදුලිය නැතිවෙයි ? - මුළු රටටම ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
24:55

?