Fly high Get bonus Aviator Phone

සුසුකි ස්විෆ්ට් මෝටර් රථය ලැම්බෝගිනියක් කර මහ ඇමතිට තෑගි දීලා (ඡායාරූප)

සුසුකි ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථයක් ලැම්බෝගිනි මෝටර් රථයක් ලෙස පරිවර්තනය කරමින් ඇසෑම් ප්‍රාන්ත මහ ඇමතිවරයාට ත්‍යාගයක් ලෙස පිරිනැමූ පුද්ගයෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

නුරුල් හක් නමැති 31 හැවිරිදි කාර්මිකයෙකු විසින් මෙලෙස ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථය ලැම්බෝගිනි රථයක් ලෙස වෙනස් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මාස හතරක පමණ වෙහෙසක් දාරා ඔහු විසින් මෙම රථය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.

තමන්ට ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථයක් පැදවීමට පැවති ආශාව හේතුවෙන් මෙලෙස තමන් විසින් පාව්ච්චි කරන ලද ස්විෆ්ට් වර්ගයේ මෝටර් රථය ලැම්බෝගිනි රථයක් ආකාරයට වෙනස්කළ බවයි ඔහු පවසා ඇත්තේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තවත් මෝටර් රථයක් ෆෙරාරි රථයක් බවට පත් කිරීමට අදහස් ද පවතින බවයි.

මේ අතර නුරුල් හක්ට ස්විෆ්ට් මෝටර් රථය, ලැම්බෝගිනි මෝටර් රථයක් ලෙස වෙනස් කිරීම සඳහා රුපියල් දසලක්ෂ විසි දහසක් පමණ වැයව ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?