සුරා සැලක් නිසා ගම්මාන 8ක ජනතාව පාරට

ගම්පොළ දොළුව ප්‍රධාන මාර්ගයේ ඓතිහාසික වටිනාකමින් යුත් මෙගොඩ කළුගමුව ගම්මානයේ විවෘත කරන ලද සුරාසැලට විරෝධය දක්වමින් විහාරස්ථාන 14ක නාහිමිවරු ඇතුළු ගම්මාන 8ක ජනතාව එම සුරාසැල ඉදිරිපිටදී අද දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම සුරාසැල පසුගිය දෙවැනිදා විවෘත වී ඇති අතර ඊට විරෝධය දක්වමින් ජනතාව මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සතුරු ආක්‍රමණ යුගයේ දී ශ්‍රී දළදා වහන්සේ වැඩම කරන ලද බව කියැවෙන මෙම ගම්මානයේ පිහිටි තුන් බෝධි මළුවට මීටර් 50ක් පමණ ආසන්නව මෙම සුරා සැල ඉදිවී තිබෙනවා.

ඊට විරෝධය දක්වා දොළුව ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියලු දේශපාලන බලධාරීන් ද දැනුවත් කළ බවයි භික්ෂූන් වහන්සේලා කියාසිටියේ.

මෙම ඉල්ලීම් නොසලකා හරින්නේ නම් ලබන බදාදා (15) ජනතාව සමග ඓතිහාසික ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලයට ගොස් දෙවියන්ට මේ කන්නලව්ව පවසා ගම්මාන වනසන සියලු දෙනාට දේව උදහස කැඳවන බව ද මහා සංඝරත්නය ප්‍රකාශ කළා.

මහ සංඝරත්නය විසින් මෙහිදී වගකිව යුත්තන් හට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් සංඝ ආඥාවක් ද නිකුත් කළ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?