සුරතල් බලුපැටියා ගන්න ළිඳට බැහැපු තරුණයා දියේ ගිලී මරුට (ඡායාරූප)

කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී ළිඳට වැටී දියේ ගිලීමෙන් තරුණයෙකු මිය ගොස් සිටියදී මළසිරුර ඊයේ (29) දින ගොඩගත් බවට කිලිනොච්චිය පොලීසියි පැවසුවා.

මිය ගිය තරුණයා නිවසේ සිටින අවස්ථාවේදී නිවසේ සුරතලයට ඇති කරන බලුපැටවා හදිසියේම ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටින අතරවාරයේදී ගෙවත්තේම පිහිටි ළිඳට වැටී තිබෙනවා.

ළිඳට වැටුනු සුරතල් බලුපැටවා බේරා ගැනීම සඳහා මෙම තරුණයා ලණුවක් ආධාරයෙන් ළිඳට බැස තිබෙන අතර එහිදී ලණුව කැඩී තරුණයා ළිඳට වැටී තිබෙනවා.

දෙපය ළිදෙහි ඇති මඩෙහි සිරවීම හේතුවෙන් තරුණයාට දිය මතුපිටට පැමිණීමට නොහැකිව දියේ ගිලීමෙන් මෙම මරණය සිදුව ඇතැයි සැක පලකරන බවට කිලිනොච්චිය පොලීසිය පැවසුවා.

පසුව මියගිය තරුණයාගේ පියා ඇතුළු ප්‍රදේශවාසීන් තරුණයා ගොඩට ගැනීමට පියවර ගත්තද ඒ වන විටත් තරුණයා මිය ගොස් තිබුණු අතර ළිඳට වැටුනු බලුපැටවා බේරි තිබුනා.

මෙලෙස අවාසනාවන්ත ලෙසින් මියගිය තරුණයා 24 හැවිරිදි අයෙක් බවයි පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
25
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?