වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 2,684ක මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය විසින් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ජුලි මාසයට අදාළව මෙම සුබසාධන දීමනා ලබා දෙනු ඇති. ඒ අනුව වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල මඟින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යල මඟින් ද ජනතාවට එළැඹෙන සිකුරාදා සිට ලබාගත හැකිය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.
මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියාසිටියේ අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන අසාර්ථක බවට විවේචන ඉදිරිපත් නොකර තම ප්‍රතිලාභ ලබාගන්නා ලෙසට ජනතාවට දැනුම් දෙන බවයි.
වැඩසටහන ආරම්භයේදී පැවති ක්‍රමවේදයේ අඩුපාඩු ඉදිරියේදී සකස් කර නව ක්‍රමවේදයක් ක්‍රියාවට නංවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් සිටින එහෙත් මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකළ පුද්ගලයන් තමන්ට පහසු බැංකුවකට ගොස් ගිණුමක් විවෘත කර අදාළ තොරතුරු තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදෙන ලෙසට ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.