ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (23 ) උදෑසන 9.30ට අයර්ලන්ත කණ්ඩායම සමග ආරම්භ වේ. ඒ ඔස්‌ට්‍රේලියාවේ හෝබාර්ට්හිදී .
ශ්‍රී ලංකාව මූලික වටයේ යටතේ ‘A’ කාණ්ඩයේ පළමු වැනියා ලෙස සුපිරි වටයට සුදුසුකම් ලැබූ අතර අයර්ලන්තය ‘B’ කාණ්ඩයෙන් දෙවන ස්ථානය හිමි කර ගෙන සුපිරි 12 වටයට සුදුසුකම් ලබා සිටි.
මේ අතර ආබාධයට ලක් වූ පැතුම් නිස්සංක වෙනුවට අශේන් බණ්ඩාර සංචිතයට එක් වීමට නියමිත අතර, කුසල් මෙන්ඩිස් සමග ධනංජය ද සිල්වා ආරම්භ පිතිකරු ලෙස කටයුතු කිරීමට නියමිත බව සඳහන් වේ.
කෙසේ වෙතත් අද දිනය පුරා (22) ක්‍රීඩාංගනය හා අවට ප්‍රදේශ වලට තද වැසි පතිත වූ බව සඳහන් වේ.