ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් 2023 ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීම සදහා ඉන්දීය ප්‍රභූන් සහ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් වෙනුවෙන් Golden Ticket for India Icons නමින් නව වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ.
මෙම වැඩසටහන යටතේ ලෝක කුසලානය සජීවීව නැරඹිම සඳහා තවත් රන් ටිකට්පතක් ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු රජිනිකාන්ත් හට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා විසින් පිරිනමා තිබෙනවා.
මීට පෙර පළමු ටිකට්පත පිරිනමා තිබුණේ ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ටයි.
දෙවැනි රන් ටිකට්පත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා වන සචින් ටෙන්ඩුල්කාර්ට පිරිනැමුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
1
+1