සුනාමි අවස්ථාවේ පැන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට

2004 වසරේ දෙසැම්බර් මාසයේදී ඇතිවූ සුනාමි ව්‍යසනය අවස්ථාවේ දී පැන ගිය මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු වසර 19කට පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2001 වසරේ රාගම ප්‍රදේශයේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මෙම සැකකරු සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රධාන සැකකරු 2004 වසරේ සුනාමි ව්‍යසනයේදී මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට ප්‍රවාහනය කරමින් සිටියදී පැන ගොස් තිබෙනවා.

සැකකරු නොමැතිව මෙම නඩුව පවත්වාගෙන ගොස් 2012 වසරේ මැයි මාසයේදී සැකකරුගේ සොහොයුරා නිදහස් කර ඇති අතර, අතුරුදන් වූ සැකකරුට අධිකරණය මරණ දඬුවම නියම කළා.

මේ වන විට 54 හැවිරිදි වියේ පසුවන එම පුද්ගලයා ඊයේ (14) රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රාගම නගරයේදී යි.

සැකකරු අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
5
+1
79
+1
13
+1
11
+1
10
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?