සුද්දන් රැවැට්ටුවොත් දඩය වැඩිවෙයි

කටුනායක ගුවන්තොටුපලේ දී සංචාරකයන් සම්බන්ධයෙන් අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දැනට පවතින රුපියල් 25,000ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර එවැනි ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායම් යෙදවීමට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව එවැනි පැමිණිලි භාරගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ කවුළුවක් ද ඇති කිරීමට තීරණය කර ඇති බව ද සඳහන්.

ගමන්මළු ඔසවන්නන්, ටැක්සි රියදුරන් සහ තැරැව්කරුවන් බහුලව මෙම අක්‍රමිකතාවල නිරතවන බවට නිරන්තරයෙන් ලැබෙන පැමිණිලි මත මෙම පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?