spot_imgspot_img

සුඛෝපභෝගී බස් රථයක් ලොරියක ගැටී යාපනයේ දරුණු අනතුරක් (ඡායාරූප)

සුඛෝපභෝගී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අද (11) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර මෙම අනතුරෙන් ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තවත් පිරිසක් මෙම අනතුරෙන් සුළු තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වූ බස් රථය, යාපනයේ සිට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?