Indian Premier League

සිසුවියට කොහු මිටකින් දඩුවම්කල විදුහල්පතිට අත් වූ ඉරණම

කොටගල – පතන, බෝගහවත්ත සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පාසල් සිසුවියකට පහරදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන පරික්ෂණයකින් අනතුරුව වහා ම ක්‍රියාත්මක වන පරිදි නුවරඑලිය කලාප අධ්‍යාප කාර්යාලයට මාරු කොට යවා තිබෙනවා.

විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකට විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දුන් බවට මාධ්‍ය මගින් අනාවරණය විමෙන් පසු මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු. ගමගේ විසින් සිද්ධිය පිළිබඳ පරික්ෂණයක් පවත්වා, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝගයක් ලබා දුන්නා.

පහර කෑමට ලක් වූ පාසල් සිසුවිය මේ වන විට දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පරික්ෂණය පැවැත්වෙන නිසා විදුහල්පතිවරයාව තාවකාලිකව නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට මාරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?