සිරි දළඳා වන්දනාවේ සමාරම්භක අවස්ථාවට එක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ තිබෙනවා.
ජනාධිපතිවරයා අද (18) පස්වරු 2ට පමණ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.
මේ වනවිටත් දින ගණනාවක සිට දුර බැහැර ප්‍රදේශවල සිට විශාල ජනකායක් මෙම මහඟු පිංකමට එක්වීමට පැමිණ සිටිනවා.
එබැවින් මහනුවර දළදා මාලිගාව වටා දැඩි ආරක්ෂාවක් තර කර ඇති අතර පැමිණෙන බැතිමතුන් සඳහා ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ද සලසා ඇති බවයි වාර්තා වන්නේ.
අද පස්වරු 03.30 සිට 05.30 දක්වා දළඳා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව සැලසෙනු ඇති.
හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි දළදා මාලිගාවේ සංවිධායක මණ්ඩලය නිවේදනය කර සිටියේ.