සිරිල් ගාමිණී පියතුමාට එරෙහි නඩුවක් විභාගයට කොළඹ දිසා අධිකරණය දින දෙයි

තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් සිරිල් ගාමිණී පියතුමාගෙන් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ නඩුවක් සැප්තැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ දිසා විනිසුරුවරිය අදාළ නඩුවේ විභාගය සැප්තැම්බර් මස 4 වනදා පැවැත්වීමට ද දින නියම කළා.

2021 වසරේ ඔක්තෝබර් මස 23 වනදා පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සිරිල් ගාමිණී පියතුමා පල කළ අදහස්වලින් සිය කීර්තිනාමයට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් සුරේෂ් සලේ මහතා විසින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?