සිරියාවේ සහ තුර්කියේ ජනතාවට සෙත් පතා ගංගාරාමයේ පිංකමක්

තුර්කියට හා සිරියාවට බලපෑම් එල්ල කළ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට පින් පැමිණවීමේ පුණ්‍යකර්මයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ සීමා මාලකයේදී අද සිදු කෙරුණා.

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ආර්. ඩිමෙට් ස්කේසියෝග්ලු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම් උත්වයේදී බෞද්ධ සම්ප්‍රදායානුකූලව පැන් වැඩීම ද සිදු වී තිබෙනවා.

නානාපතිනිය සමග ඇයගේ ස්වාමිපුරුෂයා, තානාපති කාර්යාලයේ නියෝජිතයකු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

අනතුරුව මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ඣායනය කළ අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් අනුශාසනා පරිදි මෙම පින්කම සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?