සියලු රාජ්‍ය ආයතනවල වාර්ෂික වාර්තා වහා පාර්ලිමේන්තුවට දෙන්න – අගමැති(ඡායාරූප)

සියලු අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වාර්ෂික වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ඇති එක් එක් ආයතනවල වාර්ෂික වාර්තා අප්‍රමාදව පාර්ලිමේන්තුවට ලබාදීම, එම ආයතන ප්‍රධානීන්ගේ සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීමක් බවයි අගමැතිවරයා පවසන්නේ.

මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන්වූයේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී.

මෙහිදී රැකියා ලක්ෂය වැඩසටහනට අදාළව පත්වීම් ලබාදීමේදී රැකියාලාභීන්ට ඔවුන් සිටින දිස්ත්‍රික්ක තුළම පත්වීම් ලබාදිය යුතු බවද, ඒ සඳහා නිර්දේශ ලබාදීම වෙනත් පාර්ශ්ව විසින් සිදු නොවිය යුතු බවද කාරක සභාවේ මන්ත්‍රීවරු පැවසීය.

එය අනුමත කළ අගමැතිවරයා අදාළ ප්‍රදේශයේම එම පත්කිරීම් සිදු කරන ලෙසට උපදෙස් ලබා දුන්නා.

මෙම කාරක සභාව සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

MCC Public Administration 20230324 6
MCC Public Administration 20230324 9
MCC Public Administration 20230324 14
MCC Public Administration 20230324 10
MCC Public Administration 20230324 7
MCC Public Administration 20230324 5
MCC Public Administration 20230324 2
MCC Public Administration 20230324 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?