සිතුල්පව්ව විහාරාධිපති හිමියන් අපවත් වෙයි

සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් අපවත් වී තිබෙනවා.

අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 83ක්.

යටගල රජමහා විහරය, ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය සහ ඓතිහාසික මගුල් මහා විහාරය ඇතුළු විහාරස්ථාන අටක විහාරාධිපති ධූරය හෙබවූ පූජ්‍ය මැටරඹ හේමරතන නා හිමියන් සිදු කර ඇති ශාසනික සේවාව අති මහත්.

එම මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේ මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?