Fly high Get bonus Aviator Phone

සිගරට් 1060 ක් පොලිස් භාරයට

තීරුබදු රහිත සිගරට් තොගයක් මෙරටට ගෙන්වා අළවි කල බව කියන පුද්ගලයෙක් සහ සිගරට් තොගයක් මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. මිනුවන්ගොඩ හිරිනුගේකන්ද ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී සිගරට් තොගයක් ඇති බවට මිනුවන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව පොලිසිය විසින් ඊයේ (04) මෙම නිවස වටලා සිගරැට් තොගය සහ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

සිගරට් 1060 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 50000 ක් පමණ වන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ උපදෙස් මත , ගම්පහ සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතාගේ අධීක්ෂණයෙන් මිනුවන්ගොඩ පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජ සූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන මධුරංග , විජේසූරිය, කරුණාරත්න , පොලිස් කොස්තාපල්වරුන් වන 76997 ප්‍රියංකර, 32834 බුද්ධික යන මහත්වරුන් වැඩිදුර පරීක්ෂණ පවත්වති…..

49ebd342 b411 4d00 a2b0 9b5e278d817d
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?