Thursday, January 9, 2025
Empty Ad
AFC Banner
AFC Banner

සිකියුරුටි මරා නුවරඑළිය ඩිපෝවේ සල්ලි කොල්ල කෑ තිදෙනා අත්අඩංගුවට

නුවරඑළිය ලංගම ඩිපෝවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියා ඝාතනය කර එහි තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් කොල්ලකෑ සිද්ධියට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 06 වනදා අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව තිබූ අතර, එදින දහවල්වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනක් එම ලංගම ඩිපෝවේ සේවය කරන බවයි පොලිසිය සඳහන් කළේ.

එක සැකකරුවෙක් එම ඩිපෝවේ මුදල් අයකැමිවරයෙකු ලෙස සේවය කරන අතර, අනෙක් පුද්ගලයා පට්ටිපොළ – නුවරඑළිය මාර්ගයේ ලංගම බස් රථයේ රියදුරා බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මොවුන් අවුරුදු 34, 41 සහ 55 යන වයස්වල පසුවන බදුල්ල, රේනදපොළ සහ මහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් විසින් කොල්ලකෑ මුදල්වලින් කොටසක් වියදම්කර උකස්කර තිබූ රන් ආභරණ බේරාගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ඊයේ (07) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?