සිංගප්පුරුව ශ්‍රී ලංකාව ගැන තීරණයක් ගනියි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් සදහා මාස හයක් තිස්සේ පනවා තිබූ සංචාරක තහනම ලබන 27 වැනිදා සිට ඉවත් කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබෙනවා.

සිංගප්පූරු රජය කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ හරහා පනවා තිබූ නිරෝධායන සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් ශ්‍රී ලංකාව ඇතුළ අදාළ රටවල්වලට එරෙහිව මෙම තහනම ඉවත් කරනු ලැබ ඇතැයි සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටීයේ.

ශ්‍රී ලංකාවට අමතරව , බංග්ලාදේශය, ඉන්දියාව ,මියන්මාරය ,නේපාලය , පකිස්ථානය යන රටවල පසුගිය සති දෙකේ සංචාරය කළ සංචාරකයින්ටද සිංගප්පූරුව විවෘත වන බවද එම කාර්යාලය සඳහන් කර සිටියි.

නමුත් එම රටවල සිට පැමිණෙන පිරිස් සිංගප්පූරු රජයේ විසින් පහසුකම් සලසා ඇති ස්ථානයන් හි ද , සිංගප්පූරු වැසියන් සිය නිවාස වල දින 10 රැදී සිටි යුතු බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?