spot_imgspot_img

සැමියාගේ පහරකෑමෙන් තරුණ බිරිය ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ දී සැමියාගේ පහර කෑමට ලක් වූ බිරිඳක් ඊයේ (16) ඝාතනයට ලක්ව ඇති බව චාවකච්චේරිය පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසු වූ දෙදරු මවක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

එහිදී ස්වාමියා පොලිසියට පවසා ඇත්තේ සිය බිරිඳ තම සහෝදරයෙකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවට වූ ආරංචියක් මත තමන් බිරිඳට පහරදුන් බවයි.

එම පහරදීමේ දී බිරිඳ මිය ගිය බවට තමන් නොදනා බව ද ඔහු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ මළ සිරුර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Navatkuli 02
Navatkuli 03
Navatkuli 01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
2
+1
9
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?