Indian Premier League

සැප දුම්රියේ යන්න අද සිට අවස්ථාව

කොළඹ – නුවර’ ඔඩිසි නමින් නම් කල කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් අද සිට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1)ආරම්භ කෙරිණා.අද උදෑසන හයයි තිහට පළවෙන් වේදිකාවෙන් ගමන් ඇරඹි මෙම දුම්රිය පෙරවරු 9:18 ට මහනුවරට ලගා වීමට නියමිත අතර නැවත මහනුවරින් සවස 4.50ට පිටත් වී රාත්‍රී 7.40ට කොළඹ කොටුවට ළගාවීමට නියමිතය.

සෙනසුරාදා සහ ඉරිදා දෙදින නව දුම්රිය ධාවනයට එක් කරනු ලැබුවේ, දෛනික ව වැඩි වන මඟී අවශ්‍යතා අනුව බව අමාත්‍යවරයා, පැවසීය.

මෙහි මිල ගණන් පළමු පන්තියේ ආසනයක් රුපියල් 2000කටත් දෙවැනි පන්තියේ ආසනයක් රුපියල් 1500ක ලෙසත් පනවා ඇත.මහනුවර දළදා මාලිගාව වන්දනා කිරීමට සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට මෙන්ම මහනුවර නගරයේ සිරි නරඹන දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව සඳහා මෙම දුම්රිය යොදවා ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?