“සැප්තැම්බර් වනවිට 21,000 ක්‌ මියයනවා.” – හෙළිදරව්ව නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරට එයි

ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඩ් මරණ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය කර ඇති හෙළිදරව්වේ සත්‍යතාව සොයා බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම විශ්වවිද්‍යාලය වෙත ලිපියක් යොමුකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසා තිබෙනවා.

පවතින කොවිඩ් තත්ත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 20,000 සීමාව ඉක්මවා යාහැකි බවට ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සමීක්‍ෂණ ආයතනයක් ප‍්‍රකාශ කර තිබුණා.

මෙම පුවතේ සත්‍ය අසත්‍යතාව හෝ එය කුමන තොරතුරක් මත පදනම්ව කළ හෙළිදරව්වක්ද යන්න පැහැදිළිකර ගැනීමේ අරමුණින් සිය සංගමයේ මධ්‍යම කාරක සභාව හරහා වොෂින්ටන් විශ්වවිද්‍යාලය වෙත එම ලිපිය යොමුකර ඇතැයිද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

පවතින අධි කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. සංකූලතා නැති රෝගීන් නිවෙස් තුළ තබා ගනිමින් දැඩි වෛද්‍ය අධීක්‍ෂණයක් යටතේ ප‍්‍රතිකාර කිරීම පිළිබඳව අපි ජනපතිවරයාට කරුණු ඉදිරිපත් කළා.

යම් යම් කොන්දේසිවලට යටත්ව කොවිඞ් රෝගීන් නිවාසවල තබා ගනිමින් ප‍්‍රතිකාර ලබාදෙන අතරතුර අවශ්‍යම හදිසි රෝගීන් වහාම රෝහල් කරා රැගෙන ඒම වෙනුවෙන් ක්‍ෂණිකව පහසුකම් සලසා දීම පිළිබඳවත් අපි ජනාධිපතිවරයා දැනුවත් කළා. පී. සී. ආර්. වාර්තා නිශ්චිතව ලබාගනිමින් නිවැරදි තීරණ ගැනීමට වසංගත රෝග විද්‍යා අංශය විසින් ගත යුතු පියවර පිළිබඳවත් අපේ සංගමය කරුණු ඉදිරිපත් කළා.

ඊට අමතරව රට පුරා වසා දැමීමට අවශ්‍ය ස්ථාන ක්‍ෂණිකව සොයා ගනිමින් පළාත් අතර සංචරණ සීමා පැනවීමට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳවත් කරුණු පැහැදිළි කළා.

එන්නත්කරණයේදී යුද හමුදාවේ සහාය ලබාගැනීමටත් එය පූර්ණ වෛද්‍ය අධීක්‍ෂණයන් යටතේ සිදුකිරීමටත් එම සාකච්ඡාවලදී අප එකඟතාවට පැමිණියා.

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ සිදුවිය හැකි කොවිඞ් මරණ ගැන කර ඇත පුරෝකථනය සත්‍යයක් නම් අපි ඒ පිළිබඳව ගතයුතු කි‍්‍රයාමාර්ග ඉක්මනින් කි‍්‍රයාවට නැංවිය යුතුයි. නමුත් මුලින්ම සොයාගත යුත්තේ ඒ පුවතේ සත්‍යතාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29
Video thumbnail
ආණ්ඩුව අංශ 360ක්ම හැරුණු හැටි ජගත් විතාන කියයි
03:02
Video thumbnail
උ.පෙළට මුහුණ දීමට සිටි දියණිය නිදි යහනෙම එළොව ගිහින්..රටම කම්පා කළ ඛේදනීය පුවත
01:32


?