සැඟවූ අධි බලැති යතුරුපැදි පොලිස් භාරයට

රුපියල් කෝටි 7ක් පමණ වටිනා අධිබලැති යතුරුපැදි 8ක් සමඟ ව්‍යාපාරිකයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායමට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරු බොරලැස්ගමුව විද්‍යාල පාරේ ඔහුට අයත් ආයතනයක් තුළ කාමරයක රහසිගත ලෙස මෙම යතුරු පැදි සඟවා තිබූ බව සඳහන්.

පොලිස් භාරයට ගත් යතුරු පැදි 6ක් ලියාපදිංචි කළ ඒවා බවට හැඟවෙන ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති අතර අනෙක් යතුරුපැදි දෙකට කිසිදු ලිපි ලේඛනයක් නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම යතුරුපැදිවල කොටස් තීරුබදු රහිතව හොර රහසේ ආනයනය කර එකලස් කළ ඒවා බවටයි සැක කෙරෙන්නේ.

පොලිස් භාරයට ගත් යතුරුපැදි හා සැකකාර ව්‍යාපාරිකයා ඉදිරිපත් කළ ලිපි ලේඛන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මෝටර් රථ පරීක්ෂකවරුන් සහ රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?