Empty Ad
AFC Banner
Empty Ad

සා/පෙළ දරුවෙකුට සංකීර්ණ වුණු ගණිතය පේපරේ ගැන චෝදනාවක් (වීඩියෝ)

පවතින අධ්‍යාපන ක්‍රමය තුළ වයස අවුරුදු 16ක් පමණ වන දරුවෙකුට සාමාන්‍ය පෙළ විභාගයේ දී ලිවීමට සිදු ව ඇත්තේ ඉංජිනේරුවරයෙකුට ලබාදෙන ආකාරයේ ගණිතය ප්‍රශ්න පත්‍රයකට බව 80 හැවිරිදි වියෙහි පසුවන නිමල් සිල්වා මහතා චෝදනා කරනවා.

පානදුර මහානාම විද්‍යාලයේ පිහිටුවා ඇති සා/පෙළ විභාග මධ්‍යස්ථානයක අද (24) පෙරවරුවේ පැවැත්වෙන ගණිතය ප්‍රශ්න පත්‍රයට මුහුණදීමට පැමිණි සිල්වා මහතා මේ බව කියා සිටියා.

පැරණි අධ්‍යාපන ක්‍රමය තුළ කලා විෂය ධාරාව, වාණිජ, ගණිතය වැනි විෂයයන්ගෙන් හදාරන සිසුන් හට වෙන වෙනම යෝග්‍ය වූ ‘අංක ගණිතය’ ප්‍රශ්න පත්‍රයක් හිමි වූ බවත්, වර්තමානය තුළ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ සාමාන්‍ය පෙළ දරුවෙකුට ලබාදෙන ප්‍රශ්න පත්‍රය සංකීර්ණ බවත් එය විෂයය නිර්දේශයේ තුළ පවතින ගැටලුවක් බවත් හෙතෙම පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට තමන් ඉදිරියේ දී නියත වශයෙන් ම අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මහත්මිය ද හමුවීමට බලාපොරොත්තු වන බවයි නිමල් සිල්වා මහතා සඳහන් කළේ.

එමෙන්ම අමතර පන්ති සඳහා මුදල් වැය කිරීමට වත්කමක් නොමැති දරුවන් හට ගණිතය ඉගෙන ගැනීමට තමන් කෘතියක් ද සම්පාදනය කර ඇති බව ඒ මහතා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
55
+1
2
+1
4
+1
5
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලොකු හාමුදුරුවෝ ඝා#නය කරයි - සංවේදී දර්ශන ඇති බව සලකන්න
03:03
Video thumbnail
කොන්ද පණ නැති ආණ්ඩුවක් මේ ආණ්ඩුව - හාමුදුරුවෝ මාධ්‍ය හමුවේ ආණ්ඩුවට දෙසයි
12:43
Video thumbnail
ඇයි මේ සජිත් ආණ්ඩුවට මෙහෙම බනින්නේ
10:42
Video thumbnail
තිස්ස විහාරය ගැන ඇමති කට අරියි - බොරු ප්‍රචාර යවන්න එපා - කවුද එහෙම කිව්වේ
06:07
Video thumbnail
අපේ රණවිරුවෝ දුබල කරන්න එපා - හිමටත් හොඳටම තරහා ගිය මාධ්‍ය හමුව මෙන්න
10:52
Video thumbnail
ප්‍රබලයෝ වෙනුවෙන් පොහොට්ටුව ඉස්සරහට එයි - කිසි කෙනෙක්ට අත තියන්න දෙන්නේ නෑ අපි
06:24
Video thumbnail
විදුලිබල ඇමතිගේ ගමට දවස් 04ක් තිස්සේ ලයිට් නෑ - ගම්මුන්ට හොඳටම තදවෙලා
06:31
Video thumbnail
සජබය සහ මාලිමාව පාර්ලිමේන්තුවේ එකට හිට ගනී - අජිත් මාධ්‍ය හමුවේ සියල්ල හෙළි කරයි
03:50
Video thumbnail
ගම්මන්පිලට අද නම් හොඳටම තදවෙයි
05:01
Video thumbnail
දේශබන්දුගේ පොලිස්පති පට්ටම ගලවන්න මාලිමාව සීරුවෙන්
08:46

?