spot_imgspot_img
spot_img

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම වෙනුවෙන් අයදුම්පත්‍ර කැඳවීම මේවන විට සිදු කෙරෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය පළමුවනදා අයදුම්පත්‍ර කැඳවීම ආරම්භ වූ අතර ලබන 28 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර ලබා ගැනීම සිදු කෙරෙන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ලබන 28 වනදා මධ්‍යම රාත්‍රී 12න් පසුව සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ප්‍රවේශය වසා තැබෙන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි විභාග කොමසාරිස්වරයා අවධාරණය කළේ.

එබැවින් අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

OL Exam New
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?