AFC Banner
Empty Ad
AFC Banner

“සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ” – ජනපති (වීඩියෝ හා ඡායාරූප)

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.

පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කර සිටියේ; කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් , වාරිමාර්ග , ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස අද (03) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යාංශ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදියි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාශයට පැවරී තිබෙන කාර්යභාරය අතිමහත් වන අතර රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අනුව දිළිඳු බව තුරන් වන්නේද නැතිද යන වග තීරණය වන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ඒ සඳහා පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාවය, පූරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටළු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියා තෘප්තිමත් නොවීම බලපා ඇති බවත් ජනාධිපති මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නා.

එහිදී කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවාවක් ඇති කිරීම වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට කටයුතු කරන බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් කියා සිටියා.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරුන් පත් කරන බවටද ජනාධිපතිවරයා ඉඟි පළකර තිබෙනවා.

රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය ජනාධිපතිවරයා ලෙස තමන් රකින බවත් රාජ්‍ය සේවකයින්ද තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙසත් මෙම අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළා.

Agriculture ministry 4
Agriculture ministry 1 2
Agriculture ministry 3
Agriculture ministry 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
8
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි මෙච්චර ඩඩ්ලිට කට්ටිය බය ? - පහර වදින්නේ රු.90000ක් ගොවියාට
Video thumbnail
හැමෝටම හොරෙන් හැම සතියෙම එළවලු කිලෝ 60ක් කාපු රනිල් ගැන අනුර කියයි
Video thumbnail
සජබ නවකයෙක් හර්ෂ - ළඟම තියාගෙන කිව්ව කතාව
01:50
Video thumbnail
ජනතාවාදී පාර්ලිමේන්තුවක් අපි ගොඩනගාගන්න ඕනි #hariniamarasuriya
06:37
Video thumbnail
KASTHIRAMA | සජබ අපේක්ෂක ධනංජය නාරන්බැද්ද සහ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ
00:00
Video thumbnail
වේදිකාවේ ඉන්න අනුර නෙවෙයි ජනපති පුටුවෙ ඉන්නේ - නිමල් ලන්සා - ජනපතිට සැරටම අමතයි
05:50
Video thumbnail
අනුරගේ ආර්ථික විශේෂඥයාගේ - පැටිකිරිය අමු අමුවේ එළියට #akd #npp #anurakumaradissanayake
08:27
Video thumbnail
ළඟදිම ඇතුළට යන සෙට්එක ගැන බදුල්ලෙදි සමන්ත විද්‍යාරත්නගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් #npp #akd
03:43
Video thumbnail
ජනපති අනුර නුවර එළිය දෙවනක් කරයි #anurakumaradissanayake #akd #npp
51:46
Video thumbnail
ආණ්ඩුවේ හිතවත් අයට රටේ - නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ - ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්
02:36

?