spot_imgspot_img
spot_img

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් තෝරා ගැනීම ඇරඹේ

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඒ, සඳහා ලැබුණු අයදුම්පත් අතුරින් එම පිරිස තෝරා ගන්නා බවයි කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් ලබන 22 වැනිදා රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී සාකච්ඡා කෙරෙන බවයි ඔහු සඳහන් කර සිටියේ.

21 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික මැතිවරණ කොමිසම‍, පොලිස් කොමිසම‍, මානව හිමිකම් කොමිසම‍, අධිකරණ සේවා කොමිසම‍, රාජ්‍ය සේවා කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ජාතික විගණන කොමිසම, මුදල් කොමිසම‍, සීමා නිර්ණය කොමිසම‍ සහ ප්‍රසම්පාදන කොමිසම යන කොමිෂන් සභා 10 ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?