ස්වයංක්‍රීය පිස්තෝල දෙකක් සමඟ කාන්තාවක් අත් අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල දෙකක් හා ජීව උන්ඩ දාහතක් (17 ) හා හිස් පතුරම් තුනක් (3 ) වැලිගම ඉබිබාවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී (18 ) පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව මිදිගම පොලිසිය කියයි .

වැලිගම සහ මිදිගම ප්‍රදේශයේ මිනීමැරුම්, බියගැන්වීම්, හා කප්පම් ගැනීම් හා විවිධ ගණයේ අපරාධ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනය මත වැලිගම පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයේ උප ඒකකයට ලද තොරතුරක් මත මිදිගම පොලිසියේ ස්ථානාධිපති අශෝක අබේරත්න මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.

ඒ අනුව මිදිගම ඉබිබාවල ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල දෙකක් , ජීව උණ්ඩ දාහතක් හා හිස් පතොරම් කොපු තුනක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකාර වයස 65 ක කාන්තාවක් අත්අඩංගුවට ගනෙ ඇති අතර මෙම ගිනි අවි කුමන අපරාධ සදහා යොදාගෙන ඇද්ද පිළිබඳ හා මෙම සැකකාර කාන්තාවට ගිනිඅවි ලැබුණු ආකාරය පිළිබඳ පරීක්ෂණ කටයුතු මෙහෙයවන වු පසු සැකකාර කාන්තාව මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?