මහියංගණය පොලිස් වසමේ ගුරුමඩ ප්‍රදේශයේ දී සිදු වූ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පවසන්නේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක පුද්ගලයෙක් බවයි.
තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වයස අවුරුදු 20ක මහියංගණය, සොරබොර ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.
මරණකරුගේ ඥාතී සහෝදරියකගේ අවමඟුල් උත්සවයක් අතරතුර පවුල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 45 ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.